Slider

Recent Movies

Mardaani 2 (2019) සිංහල උපසිරැසි සමඟින්


ආයුබොවන් හැමෝටම,
ගොඩ කාලෙකින් පස්සේ අපි නැවතත් වැඩ පටන් ගත්තා.

2014 වසරේදී ප්‍රදීප් සර්කාර්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුනු මර්දානී චිත්‍රපටයේම දිගුවක් හැටියට තමයි ගෝපි පුත්‍රම් විසින් මර්දානී 2වන චිත්‍රපටය නිර්මාණය කරන්නේ. පළමු චිත්‍රපටයේදී කාන්තා පාර්ෂවයට එරෙහිව සිදුවන්නා වූ අපරාධයන්ට විරුද්ධව අභිතව නැගී සිටි ශිවානී ශිවාජී රෝයි මර්දානී 2 චිත්‍රපටයේදී ඔබට නැවතත් දකින්න පුලුවන්. මෙම චිත්‍රපටයේ ශිවානී ලෙසින් කළ රංගනය වෙනුවෙන් රාණි මුඛර්ජී 2019 වර්ෂයට අදාලව නුදුරේදී පැවැත්වීමට නියමිත ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය වෙනුවෙනුත්, මෙම චිත්‍රපටයෙන් සිනමාවට අත්පොත් තබපු විශාල් තේජ්වා හොඳම නවක නළුවා සම්මානය වෙනුවෙනුත් සම්මානයට නිර්දේශ වී අවසන්.



Jab Harry Met Sejal (2017) සිංහල උපසිරැසි සමඟින්



මේ චිත්‍ර‍පටිය ජනප්‍රිය චිත්‍ර‍පටි රැසක අධ්‍යක්ෂණය කටයුතු කරපු Imtiaz Ali ගේ අධ්‍යක්ෂණයක්. ඒ වගේම ශාරුක් ඛාන් ඉමිතියාස් එක්ක වැඩ කරන පළමු පාරත් මේක. මෙහි ප්‍ර‍ධන චරිතය කරන්නේ ශාරුක් ඛාන් වගේම අනුෂ්කා ශර්මා විසින්.. චිත්‍ර‍පටිය තිරගත උනේ අගෝස්තු 4 වැනිදා. කොහොම හරි බොක්ස් ඔෆිස් ආදායම නම් කෝටි 100 පන්නලා ෆිල්ම් එක හම්බකලා..

Noor (2017) සිංහල උපසිරැසි සමඟින්



මේක පකිස්ථානු නවකතාවක් වන Karachi, You're Killing Me! ආශ්‍රයෙන් තමයි නිර්මාණය වෙන්නේ. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Sunhil Sippy විසින්... කතාව ගැන කිව්වොත් නූර් කියන්නේ ජනමාධ්‍ය වේදිනියක්. නමුත් ඇය තමන්ගේ රැකියාව වගේම ජිවිතේ ගැනත් තෘප්තිමත් නැහැ. රැකියාවේ තමන්ට කැමැති දේ කරන්න බැහැ... ඇය කැමැති සමාජයට පණිවිඩයක් දෙන වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරන්න නමුත් ඇයට ඒකට අවස්ථාව ලැබෙන්නේම නැහැ. ජිවිතේ පැත්තෙන් ගත්තාත් එහෙමයි. අවුරුදු 28ක් වෙලාත් පෙම්වතෙක් නැහැ... කොල්ලෙක් සෙට් වේගන ආවාත් ඒක මොකක් හරි එකක් නිසා ගැස්සිලා යනවා.

Despicable Me 3 (2017) සිංහල උපසිරැසි සමඟ



මේ  චිත්‍රපටයේ Directed ලා තමයි  Kyle balda සහ  Pierre Coffin යන් දෙන්නගේ වැඩක්.මේකට IMDB 6.4 ක් ලැබිලා තියෙනවා .මේක නිකුත් වුනේ 2017 ජූනි 30.

Dangal (2016) සිංහල උපසිරැසි සමඟින්



දන්ගල් කියන වචනයේ හින්දි අර්ථය මල්ලවපොර තරඟය/සටන කියන එක , එහෙම වුණත් මේක නිකම්ම නිකම් මල්ලවපොර සටනක් නෙමෙයි, සත්‍ය කතාවක්.ඒ මහාවීර් සිං පොගාට් නම් ධෛර්යයවන්ත මිනිසාගේ සහ ඇගේ දියණියන් දෙදෙනාවන ගීතා කුමාරි පොගාට් සහ බබීතා කුමාරි පොගාට්ගේ අප්‍රතිහත ධෛර්යයේ කතාවයි දන්ගල් නමින් රිදී තිරයට ගෙන එන්නේ.

Captain Underpants The First Epic Movie (2017) සිංහල උපසිරැසි සමඟින්




මේ ෆිල්ම් එකත් අපි ගොඩක් දන්න ඇනිමෙෂන් සමාගමකින් තමයි අරගෙන එන්නෙ.dreamworks animation කිව්වම කට්ටිය දන්නවා ඇතිනේ..ඉතින් මේකත් එවා වගේම ලස්සන ඇනිමේෂන් එකක් තමයි

Vip 2 (2017)



Dhanush සහ Kajol ප්‍රධාන රංගනයෙන් එකතු වෙන මේ චිත්‍රපටියට IMDb 6.1 අගයක් ලැබිලා තියෙනවා. රස්සා නැති උපාධිදාරී අය අපේ රටේ වුනත් මොනතරම් ඉන්නවද?


Vikram Vedha (2017)

වික්‍රම් වේදා යනු පසුගිය සතිය තුල වැඩිම ආදායම් ඉපයූ දමිළ චිත්‍ර‍පටි අතුරෙන් එකකි. එයට ප්‍ර‍ධානම හේතුව වුණේ එහි කතාවත්, එයට රංගනයෙන් දායක වෙන විජය් සේදුපති (වේදා) සහ මාධවන් (වික්‍ර‍ම්) යන සුපිරි නළුවන් දෙදෙනාගේ සුසංයෝගයයි. සාමාන්‍ය හොරා-පොලිස් කතාවක් කියා බොහෝ දෙනා සිතුවද, මෙය ඉන් ඔබ්බට ගිය ඉතාමත් බුද්ධිමත් පිටපතක් බව කිව යුතුයි. කතාවෙහි කිසිම තැනක අඩුපාඩුවක් නොතබා ඉතාම ඉහළ ආකාරයේ ප්‍රේක්ෂක රසඥතාවක් ලබාදුන් චිත්‍ර‍පටියකි. මෙම චිත්‍ර‍පටයෙන් පසුව විජය් සේදුපතිගේ ජනප්‍රියතාවයද විශාල වශයෙන් වැඩිවී ඇත. සිනමා ඉතිහාසයේ පහල වූ හොඳම දුෂ්ටයාගේ චරිතයද වේදාට හිමිවන ලකුණු පෙනේ.
 
Copyright © 2017. SubLanka
Dnpanawenna