Home » » Vikram Vedha (2017)

Vikram Vedha (2017)

වික්‍රම් වේදා යනු පසුගිය සතිය තුල වැඩිම ආදායම් ඉපයූ දමිළ චිත්‍ර‍පටි අතුරෙන් එකකි. එයට ප්‍ර‍ධානම හේතුව වුණේ එහි කතාවත්, එයට රංගනයෙන් දායක වෙන විජය් සේදුපති (වේදා) සහ මාධවන් (වික්‍ර‍ම්) යන සුපිරි නළුවන් දෙදෙනාගේ සුසංයෝගයයි. සාමාන්‍ය හොරා-පොලිස් කතාවක් කියා බොහෝ දෙනා සිතුවද, මෙය ඉන් ඔබ්බට ගිය ඉතාමත් බුද්ධිමත් පිටපතක් බව කිව යුතුයි. කතාවෙහි කිසිම තැනක අඩුපාඩුවක් නොතබා ඉතාම ඉහළ ආකාරයේ ප්‍රේක්ෂක රසඥතාවක් ලබාදුන් චිත්‍ර‍පටියකි. මෙම චිත්‍ර‍පටයෙන් පසුව විජය් සේදුපතිගේ ජනප්‍රියතාවයද විශාල වශයෙන් වැඩිවී ඇත. සිනමා ඉතිහාසයේ පහල වූ හොඳම දුෂ්ටයාගේ චරිතයද වේදාට හිමිවන ලකුණු පෙනේ.
Share this article :

0 comments:

Post a Comment

 
Copyright © 2017. SubLanka
Dnpanawenna